කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
මාර්ටින් පෙරේරා නම් වූ මහතකුගේ පෞද්ගලික නිවසක 1951 වර්ෂයේ ලමුන් 31 දෙනෙකුගෙන් මෙම විද්‍යාලය ආරම්භ කර ඇත. වර්ෂ 1951/11/1 දින පලමු ශිෂ්‍යයන් ඇතුළත් කර ඇත. එම්. ජී. හොරතලා ප්‍රථම ශිෂ්‍යයා වන අතර එම්. ජී. උක්කු ප්‍රථම ශිෂ්‍යාව වෙයි. එවකට විදුහල්පති ලෙස කටයුතු කරන ලද්දේ රාජපක්ෂ නම් මහතෙකි.
මප/තෙල්/උඩුදුම්බර විදුහල, ප්‍රාථමික විද්‍යාලයක්, කනිෂ්ඨ විද්‍යාලයක්, මහ විද්‍යාලයක්, නවෝද්‍යා පාසලක්, ඉසුරු පාසලක්, වශයෙන් විකාශනය වී මේවන විට මප/තෙල්/උඩුදුම්බර ද්විතීයික පාසල ලෙස ද්විතීයික පාසල් දහසක් යටතේ සංවර්ධනය කරමින් පවතී.
ආරම්භයේ සිට 1 ශ්‍රේණියේ සිට පංති පැවතියද, 2010 වර්ෂයේ සිට ද්විතියික පාසල් දහසේ වැඩසටහන යටතේ 1-5 ශ්‍රේණි වෙන්කර එකම භුමියේ වෙනමම පාසලක් ලෙස පවත්වාගෙන යන ලදී. 2013 වර්ෂයේදී එය වෙනමම ස්ථානයකට රැගෙන යන ලදී. මප/තෙල්/සරත් ඒකනායක ආදර්ශ ප්‍රථමික විද්‍යාලය ඒම පාසලයි.
මේ වන විට අප පාසලේ අධ්‍යාපන කටයුතු ද්විතීයික අංශය සහ උසස් පෙළ වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.
2024 වර්ෂයේ සිට ද්වි භාෂා පන්ති ආරම්භ කරමින් ගණිතය, පුරවැසි අධ්‍යාපනය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 6 ශ්‍රේණියෙන් ආරම්භ කිරීමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 50ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 5කින් සමන්විතය. හත්සියයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "ගුණ නැණින් මුල් තැනට " යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2024 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.
|
ආරම්භ කළ වර්ෂය |
1951 නොවැම්බර් 1 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
31 |
|
මුල් ගුරුතුමාගේ නම |
රාජපක්ෂ මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
මාර්ටින් පෙරේරා මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මප/තෙල්/උඩුදුම්බර ද්විතීයික පාසල |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මාර්ටින් පෙරේරා නම් වූ මහතකුගේ පෞද්ගලික නිවසක |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
එම්. ජී. හොරතලා |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
එම්. ජී. උක්කු |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1951 නොවැම්බර් 1 |






