පාසල් ගීතය
විජයතු මාතා නමදිමු මාතා
උඩදුම්බර මහ විදුහල් මාතා
අපගේ මහ විදුහල් මාතා
දෑ අභිමානෙන් කැප කළ ජීවිත
දරු කැල අපි ඔබ රුධිරෙන් පෝෂිත
නඟා සමය අප දිනු රට ජාතිය
යමු දියුණුව වෙත රැක ඔබේ නාමය
විජයතු මාතා……………..
සවි බල එඬියෙන් පිරුණු අතීතය
අමරණීය හෙළ ජය සංකේතය
සදා අපේ ජීවන ආලෝකය
සැරදේ අප සෞභාග්‍ය නිධානය
විජයතු මාතා……………






