නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
එච්.ජී.සී.කුමාරසිරි මයා
වෙබ් අඩවියක් යනු වර්තමාන ඩිජිටල් ලෝකය තුළ ආයතනයකට, ව්‍යාපාරයකට, පුද්ගල චරිතයකට නැතිවම බැරි අංගයකි. එය විටෙක ආයතන, ව්‍යාපාර ලෝකයට විවෘත වන කවුලුවකි. ලෝකය පුරා ආයතනයක පිළිබිඹුව පෙන්වන aආකර්ශණීය මාධ්‍ය වන්නේද වෙබ් අඩවියයි. ඒ අනුව උඩුදුම්බර ද්විතීයික පාසලෙන් එළිදක්වන මෙම වෙබ් අඩවිය ආදරණීය සිසු දරුවන්ගේ දක්ශතා ලෝකයට පවරනවා මෙන්ම වෙබ් අඩවි පරිහරණය පිළිබඳව, නිර්මාණය කිරිම පිළිබඳව මනා දැනුමක් දරුවන්ටද ලැබීම වැදගත්ම දෙය වනු ඇත. මේ සඳහා වෙහෙස මහන්සි වූ තොරතුරු තාක්ෂණය අංශ භාර ගුරුභවතුන්ටත් සිසු දරුවන්ටත් ස්තුතිවන්ත වන අතර සියලුමදෙනාට තාක්ෂණයේ ජයග්‍රාහී ගමනක් යෑමට සුභපැතුම් එක්කරමි.
එච්.ජී.සී.කුමාරසිරි මයා
නියෝජ්‍ය විදුහල්පති
මප/තෙල්/උඩදුම්බර ද්විතීයික පාසල..






