උඩදුම්බර ද්විතීයික විද්‍යාලය

Application Calling for Advanced Level Vocational Stream

page slider99.jpg
Udadumbara Secondary 5.jpg
  • සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම පෙරවරු 7.20 පෙර පාසලට පැමිණිය යුතුයි.
  • ප්‍රමාද වී පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආගමික වතාවත් හා නිවේදන අවසන්වන තුරු ගේට්ටුවෙන් පිටත රැඳිය සිටිය යුතුයි.
  • සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම සිහීනුවට අවනත විය යුතුයි. ආගමික වතාවත් ඉටුකිරීම හා ජාතික ගීය,පාසල් ගීතය ගායනය හෝ වාදනය කරන අවස්ථාවේ දී පාසල තුළ ඇවිදීම තහනම් වේ.
  • පාසලේ උදේ රැස්වීම ආගමික වතාවක් ශිෂ්‍ය සමිති යන සෑම අවස්ථාවකදීම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි වියයුතු අතර, අවසානයේ සිදු කෙරෙන ආගමික වතාවත් නිම කර පේලියට බැහැරව යා යුතුය.
  • පාසල ආරම්භයට විනාඩි 10 කට පෙර තම පන්ති කාමරවල හා අදාළ පාසල් පරිශ්‍රයේ පිරිසුදු කිරීමේ කටයුතු අවසන් කළ යුතුයි.
  • සෑම විටම තමන්ගේත්, ආචාර්ය මණ්ඩලයේත්, පාසලේයත් කීර්ති නාමය ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුය. පාසල් වේලාවෙන් පසු බස් නැවතුම්පොළවල නිකරුණේ රැඳී සිටීම නොකළ යුතුය.
  • දිනපතා පාසලට පැමිණීම අනිවාර්ය වන අතර නොවැළැක්වියහැකි හේතුවක් නිසා පාසලට නොපැණියේ නම් පිළිගත හැකි හේතු ඇතුළත් ලිපියක් දෙමව්පිය හෝ භාරකරු විසින් ඉදිරිපත් කළ යුතුය.
  • පාසලේ නිල ඇඳුමට මාල, වළලු, මුදු, එල්ලෙන කරාබු, වර්ණවත් කරාබු, සෙරෙප්පු, ඔල්ලෝසු, කැප් තහනම් වන අතර පිරිමි ළමුන් රැවුල මනාව කැපිය යුතුයි. කොන්ඩය කොටට කපා පැත්තට පිරිය යුතුයි.
  • විවිධ වර්ණයේ ජර්සි ඇඳීම තහනම් වන අතර අවශ්‍ය නම් සුදු ජර්සියක් ඇඳිය හැකිය.
  • ගැහැණු ළමයි කොන්ඩේ කරල් දෙකට ගොතා අගින් නවා සුදු රිබන් පටියෙන් සකසූ පටියක් බැදිය යුඋපරිමය රැලිකටු 4 කි. කොට කොන්ඩය සහිත ගැහැනු ලමුන් කොණ්ඩය පැත්තට පීරා සුදු රිබෙන් පටියෙන් සැකසූ බෝ එකක් පැළඳිය යුතුය.
  • අනවශ්‍ය පොත් පත්, සගරා, ඡායාරූප, කැසට්පට, සංයුක්ත තැටි, ජංගම දුරකථන, කැමරා, සිම් කාඩ්, ස්මාර්ට් වොච්, පෙන් දාවක, ඩිවීඩි ආදිය පාසලට රැගන ඒම තහනම් වන අතරඅත්‍යවශ්‍ය අවස්ථාවක දී ඉහත උපකරණ රැගෙන ආ යුත්තේ විනය මණ්ඩලයේ අවසරය මත පමණි.
  • පාසල තුළට පොලිතීන් රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
  • .පන්ති කාමරයෙන් බැහැරව යන විට බැහැරවීමේ අවසර පත රැගෙන යා යුතුය. සිසුන් තිදෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් පාසල් භූමියේ ගමන් කරද්දී පේලියට ගමන් කළ යුතයි.
  • ආපනශාලාවට පැමිණිය යුත්තේ උදෑසන 7.30 පෙර හෝ විවේක කාලය තුළ පමණි.
  • පාසලේ පරිසරය අලංකාර වන පරිදි කටයුතු කළ යුතු අතර පන්ති කාමරයේ උපකරණ ඇතුළු පාසලට අයත් සියලුම භෞතික සම්පත් ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුයි.
  • පාසලේ භාණ්ඩ සුපරික්ෂාකාරීව එහා මෙහා ගෙනයා යුතුය.
  • පාසල් කාලය තුළ පාසලට පැමිණෙන කවර හෝ අමුත්තෙකු සමග අවසර නොමැතිව කතාබහ කිරීම තහනම් වේ.
  • විවේක කාලයෙන් පසුව සීනුව නාද කළ විට හැකි ඉක්මනින් පන්ති වලට යා යුතුය. භාවනාව යෙදිය යුතුය. භාවනාවෙන් පසු පංතියෙන් පිටතට පැමිණීම තහනම් වේ.
  • පාසල් වේලාවෙන් පසුව බස් නැවතුම්පොළවල නිකරුණේ ගැවසීම තහනම් වෙයි. මහාමාර්ගයේත්, පොදු වාහනවලත් ගමන් කරන විට පාසලේ ගරුත්වයට හානි වන අන්දමින් හැසිරීම තහනම් වේ.
  • විදුහල්පතිතුමාගේ/තුමියගේ අවසරය නොමැතිව පාසල නියෝජනය කරමින් කිසිදු බාහිර තරගයක් සඳහා සහභාගි වීම හෝ මුදල් එකතු කිරීම, කවර හෝ සාදයක් සඳහා සංවිධානය වීම තහනම් වේ.
  • කාල පරිච්ඡේද මාරුවන අවස්ථාවලදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පංතියෙන් අනවශ්‍ය ලෙස පිටතට පැමිණිය නොහැක.
  • වෛද්‍ය නිර්දේශයකින් තොරව උත්තේජක ඖෂධ වර්ග භාවිතය තහනම් වේ. එමෙන්ම මත්ද්‍රව්‍ය, මත්පැන්, පුපුරන ද්‍රව්‍ය, අවි ආයුධ ළඟ තබා ගැනීම හෝ භාවිතය තහනම් වේ.
  • ගුරු භවතුන් පන්තියට පැමිණෙන හා පිටව යන විට නැගිට ආචාර කළ යුතු අතර ගුරු බවතෙකු යමක් විමසූ විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් අසුනෙන් නැගී සිට පිළිතුරු සැපයිය යුතුය.
  • පාසලේ කීර්ති නාමයට හානි වන පරිදි සමාජ මාධ්‍ය ජාලවල පින්තූර, වීඩියෝ ආදීය එක් කිරීමත් පාසල් සිසුන් සම්බන්ධ කර ගනිමින් විවිධ ගෘප් වර්ග පවත්වාගෙන යාමත් තහනම් වේ.